AhlulBayt News Agency

source : ABNA24
Saturday

2 September 2017

5:31:33 PM
852019

The message of Imam Khamenei to the world Muslims on 2017 Hajj pilgrimage in SINHALESE Language (සිංහල)

The message of Imam Khamenei to the world Muslims on 2017 Hajj pilgrimage in SINHALESE Language (SINHALA- SRI LANKA - සිංහල).

(AhlulBayt News Agency) - 

The message of Imam Khamenei to the world Muslims on 2017 Hajj pilgrimage in SINHALESE Language (SINHALA - SRI LANKA - සිංහල) :

_______________________________________________

ඉරාන විප්ලවයේ නායක ඉමාම් සෙයියද් අලී කාමෙනෙයි උතුමන්ගේ
හජ් පණිවුඩය 2017

අතිශයින්ම කරුණාවන්ත පරම දයාලූ අල්ලාහ් ගේ නාමයෙන්.

ප්‍රශංසා සියල්ල පරමාධිපති අල්ලාහ් වෙතම හිමි වේවා. දෙවියන් වහන්සේගේ ආශීර්වාදය අපගේ නායක ශුද්ධවූ මුහම්මද් තුමන්ට ද එතුමන් ගේ පාරිශුද්ධ වූ සමීප ඥාතීන්ටත් උතුම් ශ්‍රාවකයින්ටත් හිමිවේවා.

ලෝ වටා වෙසෙන ලක්‍ෂ සංඛ්‍යාත විශ්වාසිකයින්ට නැවතත් තවත් හජ් වන්දනාවකට සහභාගී වීමටත් මෙම උත්තරීතර ආධ්‍යාත්මික උල්පතින් අපරිමිත ප්‍රතිලාභ අත්පත් කරගැනීමටත් පුණ්‍ය වරම ලබා දුන් සර්වබලධාරී දෙවියන් වහන්සේට කෘතවේදීත්වය ප්‍රකාශ කරන්නෙමි. දිව්‍ය ඖෂධයක් මෙන් හදවත් සහ සිත් සතන් සන්සුන් කර පවිත්‍ර කිරීමට බලසම්පන්න වූ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන, පූජණීය දේවස්ථානය අභියස දිවා රෑ සෑම මොහොතකම දෙවියන් වහ්සේගේ නාමය සහ ප්‍රශස්තිය ගායනා කරන්නටත් වන්දනාමාන කටයුතුවල සහ ප්‍රාර්ථනාවල නියැලීමටත් එමගින් දෙවියන් වහන්සේගේ සමීපත්වය පැතීමටත් වටිනා අවස්ථාවක් උදා කර තිබේ.

හජ් වනාහී ආධ්‍යාත්මීය අභිරහස්වලින් සපිරුණ වන්දනීය මෙහෙයක් වේ. පූජණීය [මක්කා පිහිටි] දේවස්ථානය දේවාශීර්වාදයන්ගෙන් වැසී ගිය, නොනිමි දේව සංඛේතවලින් ජීවමාන වූ ස්ථානයකි. ශ්‍රද්ධාවන්ත ප්‍රබුද්ධ බැතිමතුන්ට ඉහල ආධ්‍යාත්මික සුවය අත්පත්කර ගැනීමට හජ් තුල පවතින අවස්ථා බොහෝය. බැතිමතා තුළ උත්තරීතර, ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් නිර්මාණය කිරීමේ හැකියාව හජ් සතුය. එසේම ඔහු තුළ තීක්ෂණ, ප්‍රබුද්ධ, ක්‍රියාශීලී, නිර්භීත පුද්ගලයෙක් ගොඩනැගිය හැක. මෙම වන්දනය තුළ එහි ආධ්‍යාත්මික සහ දේශපාලනික මෙන්ම පුද්ගලික සහ සමාජයීය යන ද්විතීය පරිමාණ වඩාත් පැහැදිලි ලෙස ප්‍රකාශ වේ. මෙම පරිමාවන් දෙක අද ජනසමාජයට ඉතා බහුලව අවශ්‍ය වී තිබේ.

එක අතකින් භෞතිකවාදයේ ඉන්ද්‍රජාලය මගින් ඉතා දියුණු නවීන මෙවලම් යොදාගනිමින් පිරිහීමක් සහ විනාශයක් සිදුකරයි. තවත් අතකින් ව්‍යාප්තවාදී බලවේග මගින් මුස්ලිම්වරුන් අතර භේද බින්න ඇතිකිරීමේ ප්‍රතිපත්තිය මගින් මුස්ලිම් රටවල් අසමගිය සහ ආරක්ෂාව අතින් අපායන් බවට පත්කර ඇත.

හජ්, මෙම දෙවර්ගයේම පීඩන සුවකර නිරෝගී කරවනසුලු හොඳම ඖෂදය විය හැක. කිලිටුවලින් හදවත් විශුද්ධි කොට ප්‍රඥාව සහ ශ්‍රද්ධාව මගින් දීප්තිමත් කරලීමට හජ් බලසම්පන්නය. මුස්ලිම් ලෝකයේ පවතින අමිහිරි යතාර්ථ දෙස දෑස් විවර කොට, ඒවාට මුහුණ දීමේ අධිෂ්ඨානය සහ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමටද ඒ සඳහා මනින්නා වූ පියවර දැඩි කරන්නටත් චින්තනය සහ උපායන් සුදානම් කරන්නටත් හජ්වලින් පුළුවනි.

ඉස්ලාමීය ලෝකය අද අනාරක්ෂිත තත්ත්වයකට පත්වී තිබේ. එය ආධ්‍යාත්මය සහ සදාචාරය අතින් ද දේශපාලන වශයෙන් ද අනාරක්ෂිතයි. අපගේ ම අලසකම සහ සතුරන් ගේ නිර්දය පහරදීම ද මෙම පිරිහීමට හේතු ලෙස දකින්න පුළුවනි. දුෂ්ට සතුරාගේ ප්‍රහාරය අභියස මුස්ලිම්වරුන් වන අපි අපගේ ආගමික සහ තාර්කික යුතුකම් පැහැර හැරියෙමු. අවිශ්වාසිකයින් සමග ප්‍රවේසමෙන් සහ විශ්වාසිකයින් අතර අන්‍යොන්‍ය සෙනෙහසින් කටයුතු කරන ලෙසට ලැබූ මාර්ගෝපදේශ අමතක කළෙමු.

මෙහි ප්‍රතිපලයක් වශයෙන් මුස්ලිම් ලෝක සිතියමේ හදවත තුලම කලහකාරී තත්ත්වයක් ඇති කිරීමට සියෝනිස්ත සතුරා සමත් වී සිටියි. පලස්තීනය රැක ගැනීමේ මුලික වගකීම අතපසු කරගෙන මුස්ලිම්වරු සිරියාව, ඉරාකය, යෙමෙනය, ලිබියාව, බහරේන් වැනි රටවල අභ්‍යන්තර ගැටුම් සමග ද ඇෆ්ඝනිතානය, පාකිස්තානය වැනි රටවල ත්‍රස්තාවදය සමග ද පැටලී සිටින්නෙමු.

ඉස්ලාමීය රටවල නායකයින්ට මෙන්ම මුස්ලිම් ලෝකයේ දේශපාලන, ආගමික සහ සංස්කෘතික ක්‍ෂේත්‍රවල ප්‍රධානීන්ටත් ඉතා වැදගත් වගකීම් රාශියක් පැවරී තිබේ. සමගිය ඇතිකර ගෝත්‍රික හා වර්ගවාදී ගැටුම්වලින් සියලු දෙනා වළක්වාලීමේ වගකීම, සියලුම ජාතීන්ට සතුරාගේ උපක්‍රම ගැනත් ලෝක බලවතුන්ගේ සහ සියෝනිස්තයින් ගේ රැවටිලි සහ මායම් පිළිබඳව දැනුවත් කිරීමේ වගකීම, විවිධ ක්‍ෂේත්‍රවල සතුරාගේ දෘඩ මෙන්ම මෘදු පහරදීම්වලදී ඒවාට සාර්ථකව මුහුණදීමට සෑම සියලු දෙනාම සවිබල ගැන්වීමේ වගකීම, ලෝකයේ සියලු දෙනාගේම හද කම්පා කරන ආකාරයේ ඉස්ලාමීය රටවල සිදුවන, යේමනයේ සිදුවන්නාක් මෙන්, සියලුම ඛේදවාචක වහාම නතර කිරීමට කටයුතු කිරීමේ වගකීම, මියන්මාරයේ මෙන් අසාධාරණයට ලක්වී සිටින අනෙකුත් මුස්ලිම් සුළු ජන කොටස් සඳහා ස්ථිර ලෙස සහයෝගය ලබා දීමේ වගකීම, මේ සියල්ලට වඩා වැදගත් ලෙස, පලස්තීනය රැක ගැනීමේ සහ බලෙන් උදුරා ගනු ලබූ තමන්ගේ නිජ බිම වෙනුවෙන් වසර හැත්තෑවකට ආසන්න කාලයක් තිස්සේ සටන් වදිමින් සිටින පලස්තීන ජනතාවට කොන්දේසි විරහිත ලෙස සහයෝගය දැක්වීමේ සහ පිහිටවීමේ වගකීම ආදීන් මීට අඩංගුවේ.

මෙවැනි වගකීම් අප වෙත පැවරී තිබේ. මේවා ඉටු කරන ලෙස තම ආණ්ඩුවලට ජාතීන් විසින් බලකළ යුතුය. මේවා සාක්ෂාත් කරගැනීම සඳහා කැපී පෙනෙන වැදගත් ප්‍රධානීන් විසින් පිවිතුරු චේතනාව සහ අධිෂ්ඨානය සමගින් කටයුතු කළ යුතුය. මෙවැනි කර්තව්‍ය මගින් අප විසින් දෙවියන් වහන්සේගේ ධර්මයේ උන්නතියට සහාය වීම සිදු කෙරේ. දේව ප්‍රතිඥාව අනුව මෙය දෙවියන් වහන්සේගේ අනුපමේය අනුග්‍රය ද සහතික කරයි.

හජ් වන්දනයෙන් අපි උකහා ගන්නා ඉගැන්වීම් මේවා වේ. මේ බව අවබෝධ කර එලෙස ක්‍රියා කිරීමට හැකිවෙනු ඇතැයි මම විශ්වාස කරමි.

ඔබ සියලු දෙනාගේම හජ් වන්දනය දෙවියන් වහන්සේ වෙතින් පිළිගනු ලැබේවා යි මම ප්‍රාර්ථනා කරමි. මිනා භූමියේ සහ පූජනීය දේවස්ථානයේ පෙර සිදු වූ ඛේදජනක සිද්ධීන් හි ජීවිතය පූජා කළ සියලු දෙනා සිහි කරමි. ඔවුන්ට ඉහළම තරාතිරම පිරිනමන ලෙස අසීමිත කරුණාවන්ත, අපරිමිත දයාවන්ත දෙවියන් වහන්සේගෙන් යදින්නෙමි.
ඔබ සැමට සාමය අත්වේවා.

සෙයියද් අලී කාමෙනෙයි
දුල් හජ් 07, 1438.
අගෝස්තු 29, 2017.

...................................
End/ 101